විදුහල්පති පණිවිඩය
ර/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය

මිනිසා ආ දිගු ගමනේදී ඔවුන් තම බුද්ධිය මෙහෙයවා ලෝකයේ පවතින ඒතෙක් ලොවට අනාවරණය නොවූ බොහෝ දේ විද්‍යාත්මක සොයා ගැනීම් ලෙස ලොව ජීවත් වන සියලු දෙනාගේ යහපත හා සමෘධිය උදෙසා කලින් කලට සමාජ ගත කරයි. එයිනුත් මෑත කාලීනව තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නිමිවළලු විශ්වය පුරා පැතිර ගියේ ඉතා කෙටි කලක් තුල ඉතා වේගයෙනි . එය පුද්ගලයාගේ ,සමාජයේ , මුළු මහත් ලෝකයටම තම කටයුතු ද වේගවත් කිරීමටත්, පහසු කිරීමටත් , ඉතා නිවැරදිව හා විශ්වාසවන්තව සිදු කිරීමටත් හැකියාව ඇති ප්‍රබල මෙවලමක් විය.
අප පාසලද තොරතුරු තාක්ෂණ පද්ධතියේ ඉතා වැදගත් අංගයක් වන පාසල් වෙබ් අඩවිය ආරම්භ කිරීම පාසලේ සමස්ත ප්‍රජාවම ලැබන ජයග්‍රහණයකි. ඒ් අනුව පාසල සයිබර් අවකාශයට මුදා හැරීම ඉතා අගය කළයුත්තකි . ඒ් අනුව පාසලට ලෝකයටත් ලෝකයට පාසලත් දෙනෙත් ඉදිරිපිටට රැගෙන ඒම පිළිබදව පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ සියළු දෙනාට ස්තූතිය හා ප්‍රසංශාව පිරිනමමි.
විදුහල්පති,
(W.A. ජයතිලක)
ර/විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය