• ( +94 ) 045 22 86 206
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Vidyaloka M.M.V.

ර/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Vidyaloka M.M.V.

ර/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් බිම් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • උසස් පෙළ
      • ද්විතීයික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  • නිර්මාතෘවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

බළන්ගොඩ නගර මධ්‍යෙය්  පිහිටි අප පාසල වර්තමානය වන  විට බළංගොඩ ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.එවකට බළන්ගොඩ ප්‍රෙද්ශය භාරව කටයුතු කළ බාන්ස් රත්වත්ත මහතා විසින් භූමිය පරිත්‍යාග කරන ලදි.

වර්ෂ 1903 අගෝස්තු  16 වැනි දින බළන්ගොඩ බාලිකා විද්‍යාලය නමින් ආරම්භ කරන ලද කාන්තා පාසලක් අප පාසලේ මුල් ගුරුතුමිය වූයේ කේ. සම්පොහාමි මහත්මියයි.1906 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 50 ක් වූ අතර එ්.ජේ.වෙල්මිනාහාමි මෙනෙවිය ද සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.

ර/ බලන්ගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය 1903 දී ආරම්භ වී ඇත්තේ බාලිකා පාසලක් ලෙස ශිෂ්‍යාවන් දහදෙනෙකුගෙනි . 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.

පළමු ලොග් සටහන 1906.02.06 වන දින තබා ඇති අතර ලෝකයේ ප්‍රථම අගමැතිණිය වන ගරු සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිණිය පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වී ඇත.

 

  • 1927.10.01 දින සිට එච්.පී.මේරිනෝනා මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලදී.

 

  • 1935.09.02 දින සිට ඩී.ඒ.විජේසිංහ මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලදී.

 

  • 1938.01.10 දින සිට එස් විජේසුන්දර මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලදී.

 

  • 1939.05.08  දින සිට වී.ඩී.එස්. වික්‍රමරත්න මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලදී.

 

  • මෙම කාලයේදී ශිෂ්‍ය සංඛ්‍යාව 132 ක් වූ අතර ගුරු භවතුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

 

  • 1947.10. 01 දින සිට එම්.ඩී.එස්.තිසේරා මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලදී.

 

  • 1948 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 484 ක් දක්වා වැඩි වී ඇත.

 

  • 1965.08. 09 දින සිට එන්.ඩී.එල්.පී.නාවුල්ල මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලදී.

 

  • 1968.10. 22 දින සිට බී.ජී.ජේ.රත්නායක මහතා ප්‍රථම විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලදී.

 

1965  වසර වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 535 ක් දක්වා වැඩි වී ඇති අතර ගුරු භවතුන් සංඛ්‍යාව 18 ක් වීය.1 ශ්‍රේණියේ සිට8 ශ්‍රේණිය දක්වා පන්ති සංඛ්‍යාව ඉහළ දමා ඇත.ගොඩනැගිලි සංඛ්‍යාව 2 ක් හා ගුරු නිවාසයක්ද ජල පහසුකම් ද සපයා ගෙන ඇත.

1968.06.01 දින මිශ්‍ර පාසලක් බවට පත් විය.1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කණිෂ්ඨ ද්වීතියික පාසලක් බවට පත්විය.1972 වර්ෂයේදීම බාලදක්ෂ කණ්ඩායමක් පිහිටුවා ඇත.ර/බළන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කරන ලදී.1978.02. 09 වන දින K.H. දයාවංශ මහතා විදුහල්පති වශයෙන් පත්වී ඇත. මෙම කාලය තුලදී ගුරුවරුන් 39 දෙනෙකු සේවය කර ඇත.එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 1020 කි.1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති සංඛ්‍යාව ඉහළ දමා ඇත.ගොඩනැගිලි සංඛ්‍යාව 05 දක්වා වැඩිවිය.

1978 වර්ෂයේදී මහා විදුහලක් ලෙස උසස් වූ අතර 1-C වර්ගයට අයත් පාසලක් බවට පත්විය.1978.09.02 සිට 1991.02.15 දක්වා කේ.එච් දහාවංශ මහතා විදුහල්පති ලෙස කටයුතු කළ අතර ඉන් පසුව ඒ. වෝම්ස්ලි මහතා විදුහල්පති ධූරය දැරීය.ගුරුවරු 49 දෙනෙකු සේවය කළ අතර ශිෂ්‍ය සංඛ්‍යාව 1150 පමණ විය.

2001.05.27 වන දින ඒ. වෝම්ස්ලි අභාවප්‍රාප්ත වූ අතර ඉන් පසු වී.ගුණතිලක මහතා විදුහල්පති ධූරය දැරීය.ගොඩනැගිළි සංඛ්‍යාව 7ක්  වූ අතර , පුස්තකාලයක්, ශ්‍රවණාගාරයක්, පරිගණක ඒකකයක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවූයේ මෙම කාලයේදීය.පාසල් භූමිය වටා ආරක්ෂක බැම්මක් ඉදිකරන ලදි.

1996 වර්ෂයේ නවෝද්‍යා පාසලක් ලෙස නම් කරන ලදී.වර්ෂ 1990 දශකය විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අනුග්‍රහයෙන් අංග සම්පූර්ණ කියවීම් ශාලාවක් ද ඕස්ට්‍රෙිලියා තානාපති කාර්යාලයේ ආධාර මත අංග සම්පූර්ණ පුස්තකාලයක්ද ඉදිකර ඇත.

2003-2014 කාල වකවානුව තුළ විදුහල්පති ධූරය හොබවන ලද වී.ගුණතිලක මහතාගේ කාලය තුළ විද්‍යාලයේ දියුණුවට ඉමහත් සේවයක් සිදුකරන ලද අතර මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කරනලදී.1AB පාසලක් ලෙස විද්‍යා ගණිත වීෂය ධාරා ආරම්භ කරන ලද අතර නූතන භාෂා අංශය ආරම්භ කිරීමද වැදගත් සංධිස්ථානයකි. 2014 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.

2014.11.02 වන දින සිට ඩබ්.ඒ.ජයතිලක මහතා වර්තමාන විදුහල්පතිතුමා ලෙස වැඩ භාර ගන්නා ලදී. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, සෞන්දර්ය කණ්ඩායම් ,විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් මනා නායකත්වයක් පාසලට ලබා දෙමින් මගපෙන්වීම සිදුකරයි. විද්‍යාලයේ ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2018 වසරේදී මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වී ඇති අතර එවකට සිසුන්1000ක්  දෙනෙකු පමණ අධ්‍යාපනය ලැබූ අතර වර්තමානය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1630 ක් පමණ දක්වා වර්ධනය වී ඇත.වර්තමාන අධ්‍යයන කාර්ය මණ්ඩලය 94 ක් පමණක වන අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය 05 ක් පමණ වේ.මේ වන විට බළංගොඩ ප්‍රදේශය පුරා තම කීර්තිය පතුරා ඇති නවීන පහසුකම් රාශියක් සහිත අංග සම්පූර්ණ පාසලක් බවට පත්වී ඇත.

චිත්‍ර නර්තනය සංගීත ක්‍රීඩා අංශ වලින් විවිධ දක්ෂතා පෙන්වමින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා සිටිීම සතුටට කාරණයකි. පාසල් වේලාවෙන් පසු හා උදෑසන පාසල ආරම්භ වීමට පෙර දිනපතා විවිධ ක්‍රීඩා පුහුණුවීම් සිදුකරන අතර ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් මෙන්ම කණ්ඩායම් ක්‍රීඩා ද චෙස් කරාතේ වැනි ක්‍රීඩා ද පුහුණුවීම් කෙරේ

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී සියලුම සිසුන් ජංගම දුරකථනයෙන් පන්ති භාර ගුරු භවතුන් හරහා සම්බන්ධ කරගනිමින් සතියේ දින හයක් කාලසටහනකට අනුව සියළුම විෂයන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබීය.අ. පො. ස .සා. පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා උදෑසන හා රාත්‍රී පන්ති 10 ට පමණ වනතුරු ඉගැන්වීම් කටයුතු සිදු කරමින් උසස් ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා කටයුතු කරන ලදී මෙම පන්ති සඳහා අවට පාසල් වල දක්ෂ ගුරුභවතුන්ගේ සේවය නොමිලේම ලැබුණු බව සිහිපත් කරන්නේ සතුටිනි .

2020 අපොස උසස් පෙළට ඉදිරිපත් වන සිසුන් මේ දක්වාම අඛණ්ඩව ඉගෙනුම් කටයුතු සඳහා පැමිණෙන බලංගොඩ නගරයේ එක ම පාසල බවට අප පාසල පත්වී ඇත්තේ ගුරුවරුන්ගේ උදාරතර කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 94ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 10කින් සමන්විතය. 1640ක්  පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ලොවට පිරිපුන් පුරවැසියෙක් දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1903 අගෝස්තු 16

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

කේ.සම්පොහාමි මිය

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බලංගොඩ බාලිකා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කේ.සම්පොහාමි මිය

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

අවම පහසුකම් සහිත ශාලාවකිිින් ආරම්භ කර ඇත

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ජී.ඒ්.හීන්මැණිකා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින

 

 

 

{QF3=5}

Vidyaloka M.M.V.

ර/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R / Vidyaloka Maha Vidyalaya, Bans Rathwaththa Mawatha, Balangoda.
  • දුරකථන( +94 ) 045 22 86 206

Supported By

© 2026 Vidyaloka M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk