නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය

''වසර 119 ක් පුරා බළන්ගොඩ පුරවරයට අනගිභවනීය සේවාවක් ඉටු කරමින් සිසු නැණ පහන් දැල්වූ විද්‍යාලෝක ගුරු මාතාව අද දිනට ගැළපෙන තාක්ෂණයෙන් සන්නද්ධ වන මේ සුවිශේෂී මොහොතේ ඇයගේ හඬ, ඇයගේ නිර්මාණශීලී බව, ඇයගේ ශක්තිය ලෝකයට ගෙනයන්නට ලැබෙන මහගු අවස්ථාවක් ලෙස මෙම පාසල් වෙබ් අඩවිය දියත් කිරීම දකිමි.
නූතන තාක්ෂණය දෝතට ගෙන සිටින නව පරපුරේ සිසු සිසුවියන්ට මෙන්ම රට පුරා ලෝකය පුරා ව්‍යාප්තව සිටින අපගේ ආදි සිසු සිසුවියන්ට පාසලේ දීප්තිය නොඅඩුව විඳින්නට ලැබීම සෞම්‍ය අත්දැකීමකි.
අනාගත ලෝකයට සරිලන සේ නව තාක්ෂණයෙන් පෝෂණය වන විද්‍යාලෝක ගුරු මෑණියෝ දිනෙන් දින බළන්ගොඩ පුරවරය බබළවන මිණි පහණක් වේවායී පතමි. එහි ආලෝකය සමස්ත විශවය පුරා පැතිරේවායී සුභාසිංශන එක්කරමි.''
නියෝජ්‍ය විදුහල්පතිනි,
(D.S.M. අමරසිංහ)
ර/විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය